Mobile Eye clinics - ජංගම අක්ෂි කඳවුරු

ජාතික අක්ෂි රෝහල මගින් ක්රිමයාත්මක ක කරනු ලබන ජංගම අක්ෂි සායන වැඩසටහන් විශේෂයෙන් අති දුෂ්කර ප්රි දේශයන්හී අඩු ආදායම්ලාභි පවුල් ඉලක්ක කර ගනිමන් සිදු කරනු ඇත. එහිදී ඇසේ සුද හඳුනා ගැනීම ප්රණධාන අරමුණ වන අතර ඇස් කණ්නාඩි පරීක්ෂාවන් සිදු කිරීම සහ අක්ෂි රෝග හඳුනා ගැනීම සෙසු අරමුණු වනු ඇත. මෙහිදී සමාජ සේවා කණ්ඩායම් සහ පරිත්යාාගශීලීන්ගේ විශේෂ සම්බන්ධිකරණයන් මත සිදු කරනු ලබන ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්ය් විශේෂඥ වෛද්යශවරුන් සහ ද්යෛේ කාර්යමණ්ඩලය, හෙද කර්යමණ්ඩලය ඇතුළුව අනෙකුත් කාර්යමණ්ඩලවල පූර්ණ දායකත්වයෙන් මෙම ජංගම අක්ෂි කඳවුරු පවත්වනු ලබයි.

මෙහදී ඇසේ සුද හඳුනා ගැනීම මූලික අරමුණ වන අතර එසේ හඳුනා ගනු ලබන රොගීන් කණ්ඩායම් වශයෙන් කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන එනු ලබයි පසුව සියළු පහසුකම් යටතේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්ය කර්මය සිදු කර නැවත එම රෝගී තම ගම්බිම් බලා පිටත් කර හරිනු ඇත.

ඇසේ සුද හේතුවෙන් ඇතිවිය හැකි පූර්ණ අන්ධ භාවය ලංකාවෙන් තුරන් කිරීම ජාතික අක්ෂි රෝහලේ ප්ර ධාන වගකීමක් වන අතර මේ සඳහා රෝහල් කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරමින් ලාංකේය ජනතාවට උසස් මට්ටමේ හා ඵලදායී සේවාවක් ලබා දීමට කැප වී සිටී.

*
1 / 10
2 / 10
3 / 10
4 / 10
Caption Three
5 / 10
6 / 10
7 / 10
Caption Three
8 / 10
9 / 10
10 / 10